www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

“මාගේ පුත්‍රය නුඹ මාගේ කිම් පිළිගෙන,
මාගේ ආඥාවන් නුඹ වෙත තබාගෙන,
ප්‍රඥාවට ඇහුම්කන්දී,
ඥාණයට නුඹේ සිත යොමු කරන්නේ නම්,
නුඹ රිදී මෙන් එය සොයා නිධාන ගැන මෙන් ඒ ගැන විභාග කරන්නේ නම්,
නුඹ ස්වාමින් වහන්සේ කෙරෙහි භයවිම තේරුම් ගන්නේය.
දෙවියන්වහන්සේ හඳුණා ගැනීමටද නුඹ පැමිණෙන්නේය.

මක්නිසාද ප්‍රඥාව දෙන්නේ ස්වාමින් වහන්සේය.
උන්වහන්සේගේ මුඛයෙන් දැනගැනීමද ඥාණයද පැමිණෙන්නේය.
ජිවිතයේ අත්තිවාරම ප්‍රඥාව සහ ඥානය කරණකොටගෙන පමණක් ස්තිරවෙයි."
-හිතෝපදේශ 2: 1-7

ක්‍රිස්තියානි ජිවිතයේ ඇති ජයග්‍රහණයේ රහස එයයි.

ඒ තුල සැඟවුන වෙනත් රහසක් නොවෙයි. ලබා ගැනීම හෝ අතහැර ගැනීම යන තිරණයන් සැමවිටම අප අත පමණක් රැඳී තිබෙයි. දේව වචනය ගැන සැලකිලිමත්වි ඒවා පිළිපැදීමට දිනපතා අප උනන්දු වෙනවා නම්, ආශීර්වාදය, ජයග්‍රහණය, පමණක් නොව නුමුත් දෙවියන්ගේ මහඟු ප්‍රඥාවත් අපට හිමිකර ගතහැකි බවත් දෙවියන්වහන්සේගේම වචනය පවසයි.

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)